විදෙස්

හොංකොං විශ්ව විද්‍යාලයක විරෝධතා උත්සන්න වෙයි

(UTV | කොළඹ) – හොංකොං විරෝධතාකරුවන් රැදී සිටින සරසවියක් එරට පොලීසිය වටලා ජීව උණ්ඩ භාවිතයෙන් ප්‍රහාර එල්ල කිරීමට සිදුවන බව එරට පොලිසිය අනතුරු අඟවා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ අද (18) උදෑසන විශ්ව විද්‍යාල පද්ධතිය දක්වා විරෝධතා ව්‍යාප්ත වී ඇති අතර හොංකොං හි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අතරතුර පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් හටගෙන ඇත.

පොලීසිය සරසවිය තුළට ඇතුළු වීමට උත්සාහ කළ නමුත් විරෝධතාකරුවන් ද පොලීසියට පෙට්‍රල් බෝම්බ සහ ගඩොල් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ජල විදින යන්ත්‍ර යෙදවීමට පොලිසිය පියවර ගත්තේය.

මාස 05ක් තිස්සේ පැවැත්වෙන විරෝධතා අද වනවිට අඛණ්ඩව සෑම සති අන්තයකම පැවැත්වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය මහමැතිවරණයේ මෝදී ඉදිරියෙන්

Mohamed Dilsad

ජර්මනිය ඇස්ට්‍රා සෙනෙකා තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

‘මුන් ස්නයිපර්’ සාර්ථකයි | ජපානය ඉතිහාසගත වෙයි

Mohamed Dilsad

Leave a Comment