ප්‍රමුඛ පුවත 1

චන්ද්‍රිකාගෙන් මෛත්‍රීට ලිපියක් [LETTER]

 

(UTV | කොළඹ) – මේ වනවිට තමන් තෝරාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළ හැකි එකම විකල්පය බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඊයේ (4) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමුකරමින් පැවසුවාය.

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනුයේ 2015 ජනාධිපතිවරණයෙන් මෙන්ම මහා මැතිවරණයෙන් ද පරාජයට පත්වන්නට තිබූ ශ්‍රීලනිපය මෛත්‍රීපාල සිරිසේන ඇතුළු සියළු දෙනාගේ දායකත්වයෙන් බේරාගෙන ආණ්ඩුවෙන් ලබාගත හැකි ප්‍රයෝජන පාක්ෂිකයින්ට ලබාදෙමින්, පක්ෂය ශක්තිමත් කර ඉදිරියට ගෙන යාමට තිබෙන එකම මග තමන් තෝරාගෙන ඇති බවයි.

2018 වසරේ ජූලි මස සිට මධ්‍යම කාරක සභා රැස්වීම් දැනුම් දී නැති බවත් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමඟ සන්ධානගත වී ඇති බව තමන් මාධ්‍ය මගින් දැනගත් බවත් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව මධ්‍යම කාරක සභාව නියමිත පරිදි කැඳවා මේ ගැන තීරණයක් ගෙන නැති බවත්, ඇය මෙහිදී අවධාරණය කර සිටියාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු මුදල් නෝට්ටුව ජනපතිට පිළිගන්වයි

Mohamed Dilsad

යළි විෂය පථය වෙනස් වන අමාත්‍යංශය

Mohamed Dilsad

ඉන්දීය අගමැති දිවයිනට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment