ප්‍රමුඛ පුවත 1

යළි විෂය පථය වෙනස් වන අමාත්‍යංශය

(UTV| කොළඹ) – මුදල් හා ජන මාධ්‍ය ධුරයේ පැවැති විෂය පථය හා කාර්යයන් මුදල් අමාත්‍ය සහ අමාත්‍ය මණ්ඩල සාමාජික නොවන ජනමාධ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කෙරේ.

ඒ බව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් නිවේදනය කර තිබේ.

පෙබරවාරි මස 22 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම විෂයපතයන් වෙනස් කර ඇති බව රජය පවසයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යධුර යටතේ පැවැති ජනමාධ්‍ය විෂයට අදාල කාර්යයන් සහ කර්තව්‍යයන් මෙන්ම දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා අමාත්‍ය මණ්ඩල නොවන ජනමාධ්‍ය අමාත්‍ය ධුරය යටතට පවරා තිබේ.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනි සංස්ථාව, ස්වාධීන රූපවාහිනි සේවය, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යන ආයතන කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය ධුරය යටතට අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් පත් කර ඇත.

අමාත්‍ය මණ්ඩල නොවන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ රුවන් විජේවර්ධන මහතා පසුගියදා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

එමෙන්ම අමාත්‍ය මණ්ඩල නොවන විශේෂ ප්‍රදේශ සංවර්ධන අමාත්‍යධුරය යටතට ග්‍රාමීය පුනර්ජීවන අරමුදල, ජන දිරිය අරමුදල, යන ආයතන විශේෂ ගැසට් නිවේදනයක් මඟින් අදාල අමාත්‍ය ධුරය යටතට පත් කර ඇති බව සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැදුම්කර විවාදය පෙබරවාරි 6

Mohamed Dilsad

රඹෑව ප්‍රාදේශීය සභාවේ අයවැය පරදී

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ

Mohamed Dilsad

Leave a Comment