ප්‍රමුඛ පුවත 1

නැගෙනහිරට නව හෝටල් පාසැලක්

(UTV |කොළඹ) – ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරයේ නව හෝටල් පාසලක් විවෘත කිරීමේ උත්සවය ඊයේ (24) දා ත්‍රීකුණාමලය නිලාවේලි හි දී කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නැගෙනහිර පළාතේ තරුණ තරුණියන්ගේ වෘතීය නිපුණතාවය ඔපනන්වා ගැනීමට මෙම නව හෝටල් පාසල උපකාරී වනු ඇතැයි අමාත්‍යවරයා පැවසීය. මෙම නව හෝටල් පාසල ඉදිකිරීමට රුපියල් මිලියන 165ක මුදලක් වැයවී ඇත. මෙම හෝටල් පාසල තුළ මේ වනවිට පුහුණු පාඨමාලා 4ක් ආරම්භ කර ඇත.

  • National Certificate – Baker – NVQ Level – III
  • National Certificate – Cook – NVQ Level – III
  • National Certificate – Room Attendant – NVQ Level – III
  • National Certificate – Waiter / Steward – NVQ Level – IV

මෙම සියලු පාඨමාලා මගින් සිසුන් සියයකට ආසන්න පිරිසක් සදහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් පාඨමාලා හැදෑරීමේ පහසුකම් සලසා දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ඔක්තෝබර් 11

Mohamed Dilsad

දෙහිවල – ගල්කිස්ස සහ වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු අදත්

Mohamed Dilsad

ජනාධිපති කාල්ටන් පෙර පාසලට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment