ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව කල් තැබීමට තීරණයක්

 

(UTV | කොළඹ) – දෙසැම්බර් මස 3 වනදා දක්වාපාර්ලිමේන්තුව කල් තැබීමට පක්ෂ නායකයන් එකඟතාවකට පැමිණ ඇත.

පසුගිය 31 වනදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදි මේ බව තීරණය කර තිබේ.

ඒ අනුව අද පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු සභානායකවරයා විසින් සභාව කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පක්ෂ නායක රැස්වීමේදී , පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම ඡන්ද බල ප්‍රදේශවල මැතිවරණ කටයුතුවල යෙදී සිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ඝනපූරණය පවත්වාගෙන යාමේ ගැටළුවක් ඇති බවට අවධානය යොමුවී තිබිණි.

පාර්ලිමේන්තුව ඒ අනුව මෙලෙස දෙසැම්බර් 3 වනදා දක්වා කල් තැබීමට එකඟතාවකට පැමිණ තිබේ.

නවෝත්පාදනයට අදාළ ජාතික ප්‍රතිපත්ති රජයට නිර්දේශ කිරීම සඳහා ජාතික නවෝත්පාදන නියෝජිත ආයතන පිහිටුවීමේ පනත අද (07)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අකුණු සහ තද සුළඟින් ආරක්‍ෂා වන්නැයි කාලගුණ අංශ වලින් උපදෙස්

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන 22 වනදා වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

ඩෙංගු අවම කිරීම සඳහා දීප ව්‍යාප්ත වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ඇමැති රාජිතගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment