ප්‍රමුඛ පුවත 1

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි නඩුව අද සිට යළිත් විභාගයට

(UTV | කොළඹ) –  එංගලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව පිළිබඳව උප තානාපතිවරයෙකු ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව යළි නඩු පවරා ඇති අතර , ඒ අනුව අදාළ නඩුව අද සිට බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව ඇත.

ඉකුත් වසරේ නිදහස් දිනයේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ පැවති උත්සවයේදී කොටි හිතවාදීන් පිරිසකට තර්ජනාත්මක සංඥාවක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය.

පසුව බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුව නිල වශයෙන් ඉවත් කරගත් බවට වාර්තා විය.

නමුත් යළිත් වරක් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව අදාළ නඩුව මුල සිට යළි විභාගයට ගැනීමට එරට අධිකරණය එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයුරළ නෞකාව කොළඹ වරායට

Mohamed Dilsad

පොලීසියේ නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ඇමති S.Bට

Mohamed Dilsad

Leave a Comment