ප්‍රමුඛ පුවත 1

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජනතා අයිතියට [PHOTOS]

(UTV | කොළඹ) – පලාලි නගරයේ පිහිටා ඇති යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර විවෘත කළේය.

ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යාපනය නගරයේ සිට ඇති දුර කිලෝමීටර 20 ක් වන අතර , එහි ගුවන් පථය කිලෝමීටර 2.3 කින් සමන්විතය.

මේ හරහා උතුරු පළාතේ ජනතාවට සෘජුව ජාත්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සළසාගත හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ ය.

මෙහිදී ඉන්දියාවේ චෙන්නායි, තිරුචි සහ කොචි සිට යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ කරනු ලැබේ.

 

Related posts

කංජිපානි ඉම්රාන්ව තවත් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට සුදානම්

Mohamed Dilsad

මහින්දට පාඩමක් ඉගැන්වීමට සජිත්ට ජන්දය දෙන්න – වික්ටර් [VIDEO]

Mohamed Dilsad

අද සිට වැසි තත්වයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment