ප්‍රමුඛ පුවත 1

කංජිපානිගේ පියා, සොහොයුරා ඇතුළු සයදෙනාට ඇප

(UTV | කොළඹ) –  සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ට ලබාදීම සඳහා ජංගම දුරකතන රැගෙන ගිය ඔහුගේ පියා, සොහොයුරා ඇතුළු හයදෙනා ඇප මත මුදාහැර තිබේ.

ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ මෙම සැකකරුවන් අද ඉදිරිපත් කළ අවස්ථාවේදී එක් සැකකරුවෙකුට රුපියල් විසිදහස බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පසුගිය මස 12 වනදාට යෙදී තිබූ සිරකරුවන්ගේ දිනයේදී සැකකරු බැලීම මොවුන් බූස්ස බන්ධනාගාරයට පැමිණ සිටි අතර, එහිදී ඔවුන් කංජිපානිට ලබාදීමට රැගෙන ආ ආහාර අඩංගු භාජන දෙකක් තුළ තිබී ජංගම දුරකතන දෙකක්, එම ජංගම දුරකතන දෙකෙහි චාජර් දෙක හා අඟල් 15 ක් පමණ දිග වයර් කැබැල්ලක් සොයාගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති රිෂාඩ් පත්කළ විද්වත් මණ්ඩලයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කළ රන්වියන විවෘත කිරීමට සුදානම්

Mohamed Dilsad

බස්නාහිරට සැප පුටු ගෙන්වීම සම්පුර්ණයෙන් නවතී

Mohamed Dilsad

Leave a Comment