ප්‍රමුඛ පුවත 1

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කළ රන්වියන විවෘත කිරීමට සුදානම්

(UTV|මහනුවර) – වත්මන් රජයේ මැදිහත්වීම මත සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන විවෘත කිරීම අගෝස්තු 26 වැනි දින පෙ.ව. 9.30 ට අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අස්ගිරි සහ මල්වතු මහනායක ස්වාමීන් වහන්සේලාගේ සහ ශ්‍රී දළදා මාලිගාවෙ දියවඩන නිළමේවරයා විසින් අග්‍රාමාත්‍යතුමන්ගෙන් කළ ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපතිතුමන් විසින් රන් වියන අලුත්වැඩියා කිරීම සදහා ප්‍රතිපාදන ලබා දෙන ලදී.

වර්ග අඩි 3450 කින් යුත් මෙම රන්වියන ප්‍රතිසංස්කරණය කිරීම සදහා ජනාධිපති කාර්යාලය මගින් වැය කොට ඇති මුදල රුපියල් මිලියන 45 කි. 2002 වසරෙන් පසු වසර ගණනාවක්ම මෙම රන්වියනේ අලුත්වැඩියාවක් සිදු නොවුනු අතර, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට තිබේ. මොරටුව විශ්ව විද්‍යාලය මගින් ඊට අදාළ තාක්ෂණික උපදෙස් ලබා දී ඇති අතර, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙහි සියළු සම්බන්ධීකරණයන් සිදු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තු ගැටුමේ රූපවාහිනී දර්ශන හෙට විමර්ශනයට

Mohamed Dilsad

බැදුම්කර සිද්ධිය ස්වාධීන අධිකරණයකට

Mohamed Dilsad

හිටපු ජනපති ඥානසාර හිමියන්ගේ නඩුවේ වග උත්තරකරුවෙකු වෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment