ප්‍රමුඛ පුවත 1

බැසිල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුව කල් යයි

(UTV | කොළඹ) – හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හතරදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකළ නඩුවේ විභාගය නොවැම්බර් මස 07 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 2991 ක මුදලක් දිවිනැගුම ආධාර ලාභීන්ට නිවාස ආධාර වශයෙන් ලබා දීම මගින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබේ.

මෙම නඩුව අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

මෙහිදී විනිසුරුවරයා සඳහන් කළේ නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 07 වනදා දක්වා කල් තබන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයෙකුට ලක්ෂ 10ක වන්දියක්

Mohamed Dilsad

විදුලිය සඳහාත් මිල සූත්‍රයක්‌

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ සියලු උපකාරක පන්ති හා දේශන හෙටින් අවසන්

Mohamed Dilsad

Leave a Comment