ප්‍රමුඛ පුවත 1

බැසිල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුව කල් යයි

(UTV | කොළඹ) – හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හතරදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකළ නඩුවේ විභාගය නොවැම්බර් මස 07 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 2991 ක මුදලක් දිවිනැගුම ආධාර ලාභීන්ට නිවාස ආධාර වශයෙන් ලබා දීම මගින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබේ.

මෙම නඩුව අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

මෙහිදී විනිසුරුවරයා සඳහන් කළේ නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 07 වනදා දක්වා කල් තබන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජපාන ඉහළ පෙළේ ආයෝජකයන් පිරිසක් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

Mohamed Dilsad

ඉන්දීය ජනරජ දිනයට ජනපතිගෙන් සුභ පැතුම්

Mohamed Dilsad

ඉරාන සංචාරයෙන් ශ්‍රීලංකාවට ප්‍රතිලාභ

Mohamed Dilsad

Leave a Comment