ව්‍යාපාරික

කුඹුරු අක්කර 8000 කට සහන සැලසීමට පියවර

(UTV | කොළඹ) – මාතර දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂාව හා සුළං තත්ත්වය හේතුවෙන් අස්වැන්න නෙළීමට ආසන්න කුඹුරු අක්කර 8000 ට අධික ප්‍රමාණයක් හානියට පත්ව තිබේ.

මේ බව ප්‍රකාශකර තිබුණේ මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී නොබෝදා පැවති මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය.

අදාළ කුඹුරු හිමියන්ට සහන සැලසීම සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව ද මෙහි දී අවධාරණය කෙරිණි.

පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගතිය, කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනවල මාසික ප්‍රගතිය, ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවලින් පැන නගින ගැටළු පිළිබඳව, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත එවන ලද ලිපි පිළිබඳව, පසුගිය කන්නයේ හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුපියලේ අගය තවදුරටත් පහත වැටෙයිද

Mohamed Dilsad

එළවළු සහ පොල් මිල ගණන් යළි ඉහළට

Mohamed Dilsad

ETI සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් රක්ෂණ වන්දි ගෙවීම හෙට

Mohamed Dilsad

Leave a Comment