දේශීයව්‍යාපාරික

එළවළු සහ පොල් මිල ගණන් යළි ඉහළට

(UTV | දඹුල්ල) – වෙළඳපොළේ එළවළු සහ පොල් මිල යළි ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

ඒ් අනුව පොල් ගෙඩියක මිල අද වනවිට රුපියල් 90 ත් 100 ත් අතර සටහන් වන අතර ඊට හේතු වී ඇත්තේ පොල් ඵලදාව අඩු වීමයි.

එමෙන්ම, වෙළඳපොළේ එළවළු මිල ගණන් 15% කින් පමණ ඉහළ ගොස් තිබේ.

කැරට්, ලීක්ස්, බෝංචි සහ ගෝවා යන එළවළු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 100 ඉක්මවා ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරණ භාරය සඳහන් කළේය.

ප්‍රමාණවත් පරිදි එළවළු තොග වෙළඳපොළ වෙත නොලැබීම මෙලෙස මිල ගණන් ඉහළ යාමට හේතුව වී ඇත.

Related posts

තම ආණ්ඩුවේ වුවද කුමන තරාතිරමක තනතුරක් දරන්නෙකු වුවත් වරදක් කර ඇත්නම් ඊට ක්‍රියා මාර්ග ගන්නවා – ජනාධිපති අනුර දිසානායක

Editor O

ගුරු සංගම් යළි වැඩ අරඹයි

Mohamed Dilsad

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment