ප්‍රමුඛ පුවත 1

ඇල්පිටිය ඡන්දයට සියල්ල සූදානම් [VIDEO]

(UTV | කොළඹ) – ඇල්පිටිය වෘත්තීය පුහුණු අධිකාරි පරිශ්‍රයේ සිට ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද (10) පෙරවරුවේ ආරම්භ විය.

පූර්ණ ආරක්ෂාව මධ්‍යයේ ඡන්ද පෙට්ටි ඇතුළු අනෙකුත් භාණ්ඩ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදාණපතිරණ මහතා සඳහන් කළේ ය.

හෙට(11) පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම සඳහා ලියපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 53,384 ක් වන අතර ඒ වෙනුවෙන් මැතිවරණ කොට්ඨාස 17 ක, ඡන්ද මධ්‍යස්ථාන 47 ක් පිහිටුවා තිබේ.

පිළිගත් දේශපාලන පක්ෂ 5 කින් ඡන්ද විමසීමට තරඟ වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 155 කින් තෝරාපත් කර ගැනීමට නියමිත සභිකයින් සංඛ්‍යාව 28 දෙනෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැල්ලවත්තේ ගැටුමට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ආධාර රැගත් චීන නෞකා 3 ක් දිවයිනට

Mohamed Dilsad

කාදිනල්වරයාගේ ආරක්ෂාවට වෙඩි නොවදින මෝටර් රථයක්.

Mohamed Dilsad

Leave a Comment