ප්‍රමුඛ පුවත 1

ආධාර රැගත් චීන නෞකා 3 ක් දිවයිනට

(උදයම්,කොළඹ)  –  ආපදාවට පත් ජනතාවට සහන ලබාදීම සඳහා චීන නාවික හමුදාවට අයත් නෞකා 3 ක් නිලධාරීන් 204ක් හා සාමාජිකයන් 716ක් ගෙන් සමන්විතව ඊයේ (31දා) කොළඹ වරායට සේන්දු වීය.

වෛද්‍ය කණ්ඩායම් පහක් (5) සහ ආපදා සහන කටයුතු සඳහා කුඩා යාත්‍රා 10 ක් දිවයින පුරා විපතට පත් ජනතාව උදෙසා සහන සැලසීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ව කටයුතු කිරීමට නියමිත වේ.

චීන නාවික හමුදාවේ ‘චෑන් චුන්’,‘ජින් ශොව්’ සහ ‘චාඕ හු’යන නෞකාවන් මෙසේ දිවයිනට පැමිණියේය.

චීන රජය විසින් ආපදා සහන සඳහා මෙරටට රැගෙන එන ලද කුඩා යාත්‍රා සහ සහනාධාර විශාල ප්‍රමාණයක් නිල වශයෙන් නාවික හමුදාධිපතිවරයාට පිරිනැමීමද සිදුවිය.

Related posts

බෙල්ලන්විල නිවසේ ගින්නට හේතුව ගෑස් කාන්දුවක් දැයි සැක..

Mohamed Dilsad

විජයකලගේ ප්‍රකාශය සිංහලට පරිවර්තනය කරන්න නියෝග

Mohamed Dilsad

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත්කරන්නේ නැහැ – ඇමති සාගල මැති සබේ කියයි

Mohamed Dilsad

Leave a Comment