ප්‍රමුඛ පුවත 1

අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගැන්වේ

(උදයම්,කොළඹ)  –  සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (11) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේදී සිදුවිය.

අභ්‍යන්තර වෙළඳ කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍ය එස්.බී. නාවින්න, අමාත්‍යාංශ ලේකම් ඩී.ස්වරණපාල යන මහත්වරුන් අතින් ජනාධිපතිතුමා වෙත චිරාගත පිළිවෙත් පරිදි නැකැත් සීට්ටුව පිළිගන්වන ලදී.

අලූත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ළිප ගිනි දැල්වීම, ආහාර පිසීම හා ආහාර අනුභවය, හිසතෙල් ගෑම මෙන්ම නව වසරේ රැකීරක්ෂා සඳහා පිටත්ව යාම ආදී නැකැත් චාරිත්‍ර නැකැත් සීට්ටුවට ඇතුළත් වේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඇතුළු මැතිඇමතිවරුන් සහභාගී වූහ.

Related posts

පීඩාවට පත්වුවන්ට වහාම වියළි ආහාර ද්‍රව්‍ය සතොසින් ලබාදෙන්න ඇමති රිෂාඩ්ගෙන් උපදෙස්

Mohamed Dilsad

මාතරදී ඔරුවක් පෙරලී තිදෙනෙකු මරුට

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමෙන් ගෝලීය වශයෙන් ඊට එරෙහිව එක්වීමේ වැදගත් කම සිහිපත් කළා – එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කියයි

Mohamed Dilsad

Leave a Comment