ප්‍රමුඛ පුවත 1

ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමෙන් ගෝලීය වශයෙන් ඊට එරෙහිව එක්වීමේ වැදගත් කම සිහිපත් කළා – එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කියයි

(UTV| කොළඹ) – මෑතකාලීනව රටවල් කිහිපයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරත් සමඟ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ගෝලීය වශයෙන් එක්වීමේ වැදගත්කම යළි සිහිපත් කරන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසයි.

ජගත් සංවිධාන මූලස්ථානයේ ඊයේ පැවති වැඩසටහනකදී ඔහු මේ බව කියා සිටියේය.

පසුගියදා නවසීලන්තයේ සහ කෙන්යාවේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන්ද මෙහිදී මහ ලේකම්වරයා සිහිපත් කර තිබේ.

ඒ අනුව ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ගෝලීය ප්‍රවේශයක් අවශ්‍ය බව  ඔහු මෙහිදී පෙන්වා දී ඇත.

ඊට අදාළව සියලූ රටවල් සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාවද  මෙහිදී ජගත් මහ ලේකම්වරයා පෙන්වා දුන්නේය .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙසක් උත්සවය දින දෙකකට සීමා කිරීමට රජය තීරණය කරයි.

Mohamed Dilsad

බත්තරමුල්ල සහ පාර්ලිමේන්තුව අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක්

Mohamed Dilsad

රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයේ සැකකරුවන්(07) යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment