ප්‍රමුඛ පුවත 1

බත්තරමුල්ල සහ පාර්ලිමේන්තුව අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක්

(උදයම්,කොළඹ)  –  අද පස්වරු දෙකේ සිට පස්වරු හත දක්වා කාලය තුළ බත්තරමුල්ල සහ පාර්ලිමේන්තුව අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. ඒ ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙනි.

පොලීසිය සඳහන් කළේ මෙම කාලය තුළ  පොල්දුව හන්දියේ සිට පැලවත්ත හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගය, කිඹුලාවල හන්දියේ සිට පාලම් තුන දක්වා ජපන් මිත්‍රත්ව මාර්ගය වසා තැබෙන බවයි.

එමෙන්ම පාර්ලිමේන්තු වටරවුමේ සිට කියන්නෑම් වටරවුම හරහා පොල්දුව මංසන්ධිය දක්වාත් මාර්ගය වසා තැබීමට නියමිතය.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

කොළඹ අහසේ දූවිලි අංශු ඉහළ යයි

Mohamed Dilsad

මෙරට තේ ක්ෂේත්‍රයේ ඇති බලපෑම් පිලිබඳ සාකච්ඡාවක්.

Mohamed Dilsad

දින100 සත්‍ය කතාව හෙළි කිරීමට සුදානම් – ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment