ප්‍රමුඛ පුවත 1

බ්ලූමැන්ඩල් සංඛ යළිත් රිමාන්ඩ්

(UTV | කොළඹ) –  බ්ලූමැන්ඩල් සංඛ හෙවත් සංඛ ශිරාන් නැමැති සංවිධානාත්මක අපරාධකරු ලබන 22 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනා ද සිල්වා මහත්මිය නියෝග කර ඇත.

පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් පිළිබඳ නඩුවකට අදාලව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

විමර්ශණවල ප්‍රගතිය ලබන 22 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කර තිබේ.

මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හැඳින්වෙන බ්ලූමැන්ඩල් සංඛ පසුගිය මාර්තු මස ඉන්දියාවේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුගිය මස 09 වනදා ඉන්දියාවේ සිට පැමිණීමෙන් අනතුරුව නීතිඥයෙකු මාර්ගයෙන් ඔහු අධිකරණයට භාරවිය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශේෂ මදුරු මර්දන වැඩසටහනක් අද සහ හෙට

Mohamed Dilsad

නව ලේකම්වරු තිදෙනෙක් පත් කෙරේ

Mohamed Dilsad

නීති විරෝධී රත්‍රන් රැගෙන ආ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment