ප්‍රමුඛ පුවත 1

මෙරට ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව මෙවර

 

(UTV-කොළඹ) – මැතිවරණ කොමිසම පවසන ආකාරයට මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාවේ සම්පූර්ණ දිග අඟල් 26ක් වේ.

රජයේ මුද්‍රණාලය විසින් ජනාධිපතිවරණයේ ආදර්ශ ඡන්ද පත්‍රිකාවක් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇත.

ඡන්ද පත්‍රිකාව දළ වශයෙන් අඟල් දෙකක් වූ අතර උප පත්‍රිකාව අඟල් 24කින් සමන්විත වේ.

තරඟ කරන අපේක්ෂකයින් සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ යාම මෙලෙස පසුගිය වසර සාපේක්ෂව ජනාධිපතිවරණයේදී ඡන්ද පත්‍රිකාව දිගුවීමට හේතු වී තිබේ.

ඒ අනුව එක් මධ්‍යස්ථානයකට පත් කළ හැකි ඡන්ද පොළ නියෝජිතයින් සංඛ්‍යාව 70ක් වන අතර, ගණන් කිරීමේ නිලධාරීන් 175ක් දක්වා ඉහළ යනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් වසම් කිහිපයක් හුදකලා බවින් මුදා හරී

Mohamed Dilsad

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ලංගම බස් රථ 3ක හුළං අරී

Mohamed Dilsad

Leave a Comment