ප්‍රමුඛ පුවත 1

ඡන්ද ගණන් කරන ස්ථාන වලට දැඩි ආරක්ෂාවක්

 

(UTV-කොළඹ) – දැඩි පොලිස් ආරක්‍ෂාව සමඟ ආරක්‍ෂිත කැමරා පද්ධතියක් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවලට යෙදවීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පවසයි.

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමාගෙන ඡන්ද සංඛ්‍යාව වැඩි කර පෙන්වාදීම ඇතුළු මෙම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට කිසිවකුට ඉඩ නොමැති බවත් මැතිවරණ ප‍්‍රතිඵලවල විශ්වාසනීයත්වය තහවුරු කිරීමටත් ගණන් කරන මධ්‍යස්ථානවල සිදුවෙතැයි කියන වංචාවන් වැළැක්වීමටත් මෙම පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

ඡන්ද මධ්‍යස්ථානවල සිට ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනවලට මෙන්ම සියලූම නගරවලට විශේෂිත රැකවරණයක් යොදවන බවද මේ පිළිබඳව ආරක්‍ෂක වැඩපිළිවෙළවල් රැසක් කි‍්‍රයාත්මක කිරීම සඳහා කරුණු සාකච්ඡා කරගෙන යන බවද වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුවන්වැලි මහ සෑයේ නව චූඩා මාණික්‍යය කොළඹදී මහජන ප්‍රදර්ශනයට

Mohamed Dilsad

කේරළ ගංජා සමඟ පුද්ගලයින් 3 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජාතික තිරසර කතිකාව එළිදැක්වීම අදයි

Mohamed Dilsad

Leave a Comment