ප්‍රමුඛ පුවත 1

සජිත් ප්‍රේමදාස දිනන මැතිවරණයක්

මෙවර ජනාධිපතිවරණයේදී සියයට 51 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බව ජල සම්පත් නාගරික සංවර්ධන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (28) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධණ මහතා කියා සිටියේ “මේ  මැතිවරණයට අපි දැන් සූදානම්. මේ වන විට අපිත් එක්ක හිටපු සියලු පක්ෂ අපත් එක්ක ඒකරාශි වෙලා මේ මැතිවරණයේදී විශිෂ්ට අන්දමින් ජයග්‍රහණයක් ලබන්න කටයුතු කරගෙන යනවා ”

පක්ෂය හැර ගිය විශාල පිරිසක් මේ වන විට අපත් සමඟ එක් වෙමින් ඉන්නවා. විශේෂයෙන් හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මැතිතුමාත් නැවත පැමිණ මේ මැතිවරණ ව්‍යාපාරයේ  විශාල කොටසක් භාර අරගෙන කටයුතු කරනවා. ඒ වගේම එස්.බී.නාවින්න උපාලි පියසෝම වැනි අය යලිත් පක්ෂයට එකතු වුණා.ඉතින් මේ ජනාධිපතිවරණය අපි දිනන මැතිවරණයක් කියන එක ඉර හඳ වගේ විශ්වාසයි”.යනුවෙන් රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා මෙහිදී කියා සිටියේය.

Related posts

‘ඇමැතිවරයාගෙන් ඇමැතිවරයාට ප්‍රතිපත්ති ක්‍රමය වෙනස් කිරීමට තිත’ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

ගිනි අවියක් ක්‍රියාත්මකවී හිමි නමක අපවත් වෙති

Mohamed Dilsad

අධිකරණවල පවතින නඩු විසඳීමට වීඩියෝ මගින් සාක්ෂි ලබා ගැනීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment