ප්‍රමුඛ පුවත 1

‘ඇමැතිවරයාගෙන් ඇමැතිවරයාට ප්‍රතිපත්ති ක්‍රමය වෙනස් කිරීමට තිත’ඇමති රිෂාඩ් කියයි

(උදයම්,කොළඹ)  – ආණ්ඩුවෙන් ආණ්ඩුවට මෙන්ම ඇමැතිවරයාගෙන් ඇමැතිවරයාට වෙනස් වන ප්‍රතිපත්ති ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඒ මහතා ප්‍රකාශ කළේ අදින් වසර 10ට විතර පෙර පටන් අරගෙන කරගන්න බැරුව පැත්තක දාපු ජාතික සමූපකාර ප්‍රතිපත්තියක් ගොඩනැගීමේ කාර්යය අද සාර්ථක අවසානයක් කරා ළඟා වෙමින් තිබෙන බවයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ජාතික සමූපකාර ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡා කිරීමේ පළාත් සමූපකාර අමාත්‍යවරුන්ගේ සමුළුව අමතමිනි.

“පළාත් අංශයත්, ආණ්ඩුවේ ඇමතිවරයා හැටියට මමත් ඔක්කොම එකතු වෙලා මේක ශක්තිමත් කරන්න අවශ්‍යයි. මේ ස්ථානයේ මහ ඇමතිවරු දෙදෙනෙක් සහ පළාත් ඇමතිවරු ඉන්නවා. මේ සියලුම දේ ඔබතුමන්ලා යටතේ තියෙන සමිති සමග සාකච්ඡා කරලා පළාත් සභාවේ ඇමතිවරු සමග යෝජනාව ඉදිරිපත් කරලා මේ දැනට සකස් කර පනත් කෙටුම්පතේ යම් අඩුපාඩුවක් තිබෙනවානම් ඒවා හදලා ඒකට අපි හැමෝම එකඟනම් ඉදිරියේ දී මේක සම්මත කරන්න අවශ්‍ය පියවර ගැනීමට මම කැමතියි”. යැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම සමුළුව සඳහා සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා, දකුණු පළාත් සමූපකාර අමාත්‍ය යූ.ජී.ඩී.ආරියතිලක මහතා, බස්නාහිර පළාත් සමූපකාර අමාත්‍ය ලලිත් වනිගරත්න මහතා, වයඹ පළාත් සමූපකාර අමාත්‍ය ආර්.පී.ඩී.ගුණදාස දෙහිගම මහතා, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය දුරෙයි රාජසිංහම් මහතා සහභාගී වී සිටියහ.

Related posts

සමෘද්ධිය සහ ජනසවිය ද්විත්වයම එකට – සජිත් [VIDEO]

Mohamed Dilsad

මිල අධික පිළිකා ඖෂධ ඇතුලු තවත් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 25 ක මිල පහතට

Mohamed Dilsad

චම්පික සුමිත් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment