ප්‍රමුඛ පුවත 1

පිරිමි විදුහලක සිසුන් පිරිසක් බාලිකා විදුහලකට කඩාවැදීම පිළිබඳව පොලිස් පරීක්ෂණ

(උදයම්,කොල්ලුපිටිය)   –  කොල්ලූපිටියේ ප‍්‍රධාන පෙළේ පිරිමි විදුහලක සිසුන් 50 දෙනකු පමණ ඊයේ (21) පෙරවරුවේ බොරැල්ල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ බාලිකා විදුහලකට කඩාවැදී එහි ගුරුවරුන් දෙදෙනකුට සහ මුරකරුට පහර දී  විද්‍යාලයේ දේපළවලටද හානි සිදු කිරීම පිළිබඳව කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කරයි.

මෙහිදී විද්‍යාලයේ ගුරුවරුන් විසින් එක් සිසුවකු අල්ලා පොලිසිය වෙත බාර දී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පාසල් කි‍්‍රකට් සමය හේතුවෙන්  සිසුන් 200 දෙනකු පමණ ඊයේ පෙරවරු 11.00 පමණ කිංසි පාරේ පිහිටි මෙම බාලිකා විදුහල ඉදිරියට පැමිණ එම  විදුහලට ඉදිරිපිට සිට ඝෝෂාකාරී ලෙස හැසිරෙමින් සිට තිබේ.

සිද්ධිය සැලවී බාලිකා විදුහලේ විදුහල්පතිනිය ඇතුළු ගුරුවරුන් පිරිසක් ගේට්ටුව  අසලට පැමිණ බැලීමේදී සිසුන් 50  දෙනකු පමණ එකවරම ගේට්ටුවට උඩින්  පාසලට කඩාවැදී ඇත.

පාසලට බලෙන් ඇතුළු වී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටි සිසුන් පිරිස ඉවත් කිරීමට එහි ගුරුවර ගුරුවරියන් සහ මුරකරු සුදානම් වු අවස්ථාව් සිසුන් ගුරුවරුන් දෙදෙනකුට  සහ මුරකරුට පහර දී ඇති බවද පොලිසිය පවසයි.

මේ අවස්ථාවේ විදුහල්පතිනිය පොලිස් හදිසි ඇමැතුම් අංශයට දැනුම් දීමෙන් පසු පොලිසිය පාසලට පැමිණෙද්දී සිසුන් පිරිස පලාගොස් ඇති බව වාර්තාවේ.

සිසුන්ගේ පහරදීමෙන් විද්‍යාලයේ මුර කුටියේ සහ ගොඩනැගිලි කිහිපයකට වීදුරුවලට අලාභහානි සිදුව ඇති බව ද පොලිසිය පවසයි.

Related posts

සංහිඳියා යෝජනාව ගැන මෙරට ස්ථාවරය දැනුම් දෙයි

Mohamed Dilsad

වැසි තත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

නිල සංචාරයක් සදහා ජනපති ජපානයට

Mohamed Dilsad

Leave a Comment