ප්‍රමුඛ පුවත 1

නිල සංචාරයක් සදහා ජනපති ජපානයට

(UTV | කොළඹ) –  ජපානයෙන් ලද නිළ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තුන් දින නිල සංචාරයක් සඳහා අද (21) දිවයිනෙන් පිටත්ව ගියේය.

ඒ , ජපානයේ අධිරාජ්‍යයා ලෙස පත් වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යය වෙනුවෙන් සහභාගි වීම සදහායි.

ජනාධිපතිවරයා ඇතුලු 21 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙම සංචාරය සඳහා පිටත්ව ගොස් තිබේ.

මෙම අභිෂේක මංගල්‍යය ටෝකියෝ හි ඉම්පීරියල් රජ මාළිගයේදී හෙට (22) දිනයේදී පැවැත්වෙනු ඇත.

ජපාන නව අධිරාජ්‍යාගේ අභිෂේක මංගල්‍යය සදහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ප්‍රබල රාජ්‍ය නායකයින් රැසක් සහභාගි වීමට නියමිතය.

ජපාන අධිරාජ්‍යයා විසින් පිරිනමන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද රාජ්‍ය නායකයින් එක්වීමට නියමිතයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපේක්ෂකයින් 33 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තකයි [VIDEO]

Mohamed Dilsad

පරිසරය රකින නීති ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නැංවීමට සියලු අංශ කැපවිය යුතු බව ජනපති අවධාරණය කරයි

Mohamed Dilsad

අදත් දිස්ත්‍රික්ක කීපයකට උණුසුම් කාළගුණයක්…

Mohamed Dilsad

Leave a Comment