විදෙස්

චීනයේ බස් අනතුරකින් 36 දෙනෙකු මරුට

(UTV|චීනය)  – නැගෙනහිර චීනයේ ජිඇන්සු ප්‍රාන්තයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

එරට අධිවේගී මාර්ගයකදී මෙම බස් අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 69 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර අනතුරකින් තවත් 36 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

බස් රථයේ කාර්මික දෝශයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශණවලදී අනාවරණ වී තිබේ.

එහිදී මගී ප්‍රවාහන බස් රථය ට්‍රක් රථයක ගැටී ඇත.

චීනයේ වාර්තාවලට අනුව වාර්ෂිකව මෙවැනි අනතුරු බහුලව සිදුවන් අතර 2015 වසරේදී පමණක් රිය අනතුරු හේතුවෙන් චීනයේ මියගොස් ඇති පුද්ගලයන් ගණන 58000කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෝදිගේ පක්ෂය ප්‍රාන්ත මැතිවරණයකින් පරාජයට

Mohamed Dilsad

නයගරා දියඇල්ල ආසන්නයේ පිපිරීමක් – 2ක් මරුට

Mohamed Dilsad

සෝල් අගනුවර ආසන්න ප්‍රදේශවල ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Mohamed Dilsad

Leave a Comment