විදෙස්

සෝල් අගනුවර ආසන්න ප්‍රදේශවල ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

(UTV | දකුණු කොරියාව) – කොරෝනා ව්‍යාප්තියත් සමග දකුණු කොරියාවේ සෝල් අගනුවර ආසන්න ප්‍රදේශවලට පනවා තිබූ ඇඳිරි නීතිය ලිහිල් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

රාත්‍රී 9 න් පසු අගනුවර අවට ප්‍රදේශවල ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය රාත්‍රී 10 සිට බල පැවැත්වෙන පරිදි සංශෝධනය කර ඇති බවත් එම වාර්තාවල සඳහන් වේ.

දකුණු කොරියාවෙන් මේ දක්වා ආසාදිතයන් 80, 524 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් 70 % ක්ම හඳුනාගෙන ඇත්තේ සෝල් අගනුවරින් වීම විශේෂත්වයක්.

මීට අමතරව , මුහුදේ ලොව විශාලතම සුළං බලාගාරය ඉදිකිරීමට දකුණු කොරියාව සූදානම් වෙයි. ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් බිලියන 43 ක්.

කොරෝනා වසංගතය නිසා ඇති වූ බලපෑම් අවම කිරීමේ පරිසර හිතකාමී ක්‍රියාදාමක් ලෙස මෙය දියත් කිරීමට සැලසුම් කර ඇත.

 

 

Related posts

ඉන්දියාවේ බන්ධනාගාරයක රැඳවියන්ටත් කොරෝනා

Mohamed Dilsad

නිව්යෝක්හිදී දුම්රියක් පීලි පැන සියයකට වැඩි පිරිසකට තුවාල

Mohamed Dilsad

ඇමෙරිකාවේ ඔමික්‍රෝන් උපරිම මට්ටමට

Mohamed Dilsad

Leave a Comment