ප්‍රමුඛ පුවත 1

රාත්‍රියේ ධාවනය වීමට නියමිත සියලු තැපැල් දුම්රිය අවලංගුයි

(UTV| කොළඹ) – ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන දුම්රිය වෘත්තිය සමිති වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන් අඩාලවී තිබේ. 

වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය ක්‍රියාත්මක අතර , දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, පාලකවරුන්, අධීක්ෂකවරුන් සහ රියදුරන් එක්ව මෙය ක්‍රියාත්මක කරනු ලබයි.

වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ දුම්රිය ගමන් වාර 174 ක් පමණ අවලංගු කෙරුණු අතර, කාර්යාල දුම්රිය 06 ක් පමණක් ධාවනයට එක්කර තිබුණි.

කෙසේ වෙතත් කොළඹ කොටුවේ සිට කිසිදු දුම්රියක් ධාවනයට එක්කර තිබුණේ නැත.

දුම්රිය සේවක වැඩ වර්ජනය හේතුවෙන් අද රාත්‍රියේ ධාවනය වීමට නියමිත සියලුම තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය ගමනාගමන අධිකාරිය සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයිටම් විරෝධී පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Mohamed Dilsad

අගමැතිට ආයතන 13ක් අහිමි වෙයි

Mohamed Dilsad

රංජිත් මද්දුමබණ්ඩාර පොලිස් ප්‍රධානීන් හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment