ප්‍රමුඛ පුවත 1

අයහපත් කාලගුණය නිසා දිස්ත්‍රික්ක 08 කට බලපෑම්[VIDEO]

(UTV| කොළඹ) – අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 08 කට බලපෑම් එල්ල වී තිබෙන  බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. 

ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, කොළඹ, ගම්පහ, නුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වලට වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී  ඇති අතර , පවුල් 20,815 කට අයත් පුද්ගලයින් 80,007 දෙනෙකු පීඩාවට පත්ව සිටී.

මේ අතර කළු, ගිං සහ නිල්වලා යන ගංගා වල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ද තවදුරටත් ඉහල යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඕනෑම ආපදා තත්ත්වයට මුහුණුදිම සදහා සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මේ අතර දිවයිනේ නිරතදිග කොටසේ දැනට පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවිමක් හෙට (26) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැසිල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුව කල් යයි

Mohamed Dilsad

අන්තවාදී දේශන සිදුකළ සැකකරුවන් 05ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ට්‍රැමඩෝල් පෙති තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment