ප්‍රමුඛ පුවත 1

කාලගුණයෙන් රතු නිවේදනයක්

(UTV| කොළඹ)  – ඉදිරි පැය කිහිපය තුළත් දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව මෙම තත්ත්වය හෙට(25) රාත්‍රී කාලය දක්වා පවතිනු ඇතැයි අපේක්‍ෂා කරයි.

විශේෂයෙන් බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැක.

වයඹ, උතුරු, ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවට කාලගුණ අංශ නිවේදනය කරයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැක.

ගතවූ පය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක ප්‍රදේ‍ශයෙන් වාර්තා විය.එය මිලිමීටර් 219.1 ලෙස වාර්තා වි තිබේ.

මේ අතර‍, දිවයිනට බස්නාහිර, දකුණු හා ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන්, එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 70-80 ත් අතර ඉහළ යෑමට ඉඩ ඇති බැවින් මුහුදු ප්‍රදේශවල ක්ෂණික රළු වීමට ඉඩක් පවතියි.

ධීවර හා නාවික ප්‍රජාවන්ට මේ පිළිබඳ අවධානයෙන් සිටින්‍නැයි කාලගුණ අංශ නිවේදනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මර්දනයට තම දේශපාලනය කිසිසේත්ම එකඟ නැහැ [VIDEO]

Mohamed Dilsad

තවත් දැවැන්තයෙක් අවසන් ගමන් යයි

Mohamed Dilsad

ගම්පහටත් පොලිස් ඇඳිරිනීතිය…

Mohamed Dilsad

Leave a Comment