ගොසිප්

කථානායක – සජිත් – අගමැති හමුවක්

(UTV | කොළඹ) – කථානායක කරූ ජයසූරිය මහතා අද අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ඇති අර්බුදය පිළිබද අවසන් එකඟතාවකට පැමිණීම සඳහා දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ඇති බවයි එම වාර්තාවල සදහන් වන්නේ.

කථානායකවරයා හමුවීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා සහ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතර හමුවක්ද අද පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

රැඳවියෙකුගේ ගුද මාර්ගයෙන් සොයාගත් දුරකථනය

Mohamed Dilsad

සංවර්ධන ව්‍යාපෘති රැසක කටයුතු නවතී

Mohamed Dilsad

ඩෙල්ටා වේගයෙන් රට පුරා පැතිරෙමින්

Mohamed Dilsad

Leave a Comment