ගොසිප්

ඩෙල්ටා වේගයෙන් රට පුරා පැතිරෙමින්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වන කතා ශ්‍රී ලංකාව පුරා ඉතා වේගයෙන් පැතිරෙමින් ඇතැයි සිතිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ මේ දිනවල පැතිරෙමින් පවතින එම ප්‍රභේදයේ ප්‍රතිඵල තවත් මාසයකින් පමණ දැක ගත හැකි වනු ඇති බවයි.

දැනට කොරෝනා මරණ අඩුවීමක් පෙන්නුම් කරන්නේ පසුගිය දිනවල ක්‍රියාත්මක වූ සංචරන සිමා නිසා බවද පවසන ඇය මේ අවස්ථාවේ දී රට තුළ එන්නත්කරණය ඉතා වේගවත් කළ යුතු බවද අවධාරණය කරයි.

ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ ප්‍රතිඵල තවත් මාසයකින් පමණ දක්නට ලැබෙනු ඇතැයි ද පැවසූ ඇය එවිට රෝගය පාලනය කර ගැනීමට හැකියාවක් නැති වනු ඇති බවද ඇති බවද කියා සිටියාය.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව කියා සිටියාය.

Related posts

මැති ඇමතිවරු පොකුරකට නිරෝධායනය වන ලෙසට උපදෙස්

Mohamed Dilsad

පරාජයට හේතුව කාළගුණයයි – මාලිංග

Mohamed Dilsad

පාර්ලිමේන්තු නිලධාරීන්ට ගංජා බීමට පුරුදු කරන්න යන බවට චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment