ගොසිප්

පාර්ලිමේන්තු නිලධාරීන්ට ගංජා බීමට පුරුදු කරන්න යන බවට චෝදනාවක්

(UTV |කොළඹ) – පාර්ලිමේන්තුවේ නිලධාරීන් වෙත බෙදා දී ඇති “ආනන්දය බලන්තන” යන පොත සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන ලෙස මාතර දිස්ත්‍රික් පාර්මලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ කිරීමට පෙර කථානායකවරයා මුලසුනේ අසුන්ගත් වහා සිය ඉල්ලීම ඉදිරිපත් කළ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ‘‘මම ඊයේ මේ සභාවේ දී ගංජා ගැන කතා කළා. ඒ කතා කරලා පැය දෙකක් ගියේ නෑ පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට ‘‘ආනන්දය ලබන්න’’ කියලා පොතක් දීලා තිබෙනවා. මෙහිදී මන්ත්‍රීවරයා ගංජා කොළයක ඡායාරූපයක් සහිත කවරයක් ඇති පොතක් සභාවට  පෙන්වීය.

මේක මන්ත්‍රීවරුන්ට දීලා නැහැ. මේ දවස්වල පාර්ලිමේන්තුවට ආගන්තුකයන්ට එන්න දෙන්නෙත් නැහැ. එවන් තත්ත්වයක දී මේ පොත් ගෙනාවේ කවුද. මේ පොතේ තියෙන්නේ ‘‘ත්‍රෛලෝක විජය’’ කියලා දෙවැනි පිටුවේ පිදුම වෙනුවට දාලා තියෙන්නේ ‘‘ආනන්දය ලබන්න’’ කියලා. මොකක්ද මේ කියන්නේ. ගංජා ගහන්න කියලනේ. මං මේ ගැන ඇහුවා බන්දුල ගුණවර්ධන සූරීන්ගෙන් සහ එස්.බී. දිසානායකගෙන්.’’

මෙහිදී කථානායකවරයා පැවසුවේ ඒ ගැන සොයා බලා උත්තරයක් දෙන්නම් යනුවෙනි.

බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මේ පොත් ආවේ කොහොමද කියලා CCTV බලලා පරීක්ෂණයක් කරන්න. ‘‘ආනන්දය ලබන්න’’ කියා මේ පොත බෙදලා නිලධාරීන්ට කියන්නේ ගංජා ගහන්න කියලද.

ඊළඟ පියවර මන්ත්‍රීවරුන්ට සහ ඇමැතිවරුන්ටද? යනුවෙන් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

Related posts

පාරු අනතුරින් කින්නියා වැසියෝ ,මුස්ලිම් කොංග්‍රස් මන්ත‍්‍රීගේ නිවසට පහර දෙති..

Mohamed Dilsad

ඇදිරි නීති බලපත්‍ර අවභාවිත කරන්නන්ට දැඩි දඩුවම්

Mohamed Dilsad

ලසිත් මාලිංග ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකතත්වයට ?

Mohamed Dilsad

Leave a Comment