ප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරය සෙවීමට පත් කළ කාරක සභාවේ අවසන් වාර්තාව ඔක්තෝම්බරයේදි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කෙරුණු විශේෂ තේරීම් කාරක සභාව ජනාධිපතිවරයාගෙන් පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. 

ලබන 24 වනදා විශේෂ තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවේදී යළි රැස්වීමට නියමිත අතර එහිදී අවසන් වාර්තාව පිළියෙල කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇත.

පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටු වාර්තාවේ නිර්දේශ ද අදාළ අවසන් වාර්තාවට ඇතුළත් කිරීමට ජනාධිපතිතුමා අවසර ලබාදුන් බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා වැඩිදුරටත් සදහන් කළේය.

ඒ අනුව පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ තේරීම් කමිටුවේ අවසන් වාර්තාව ඔක්තෝම්බර් මස පළමු හෝ දෙවන පාර්ලිමේන්තු සතියේදී භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

මෙරටින් තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් තවත් ඉහළට

Mohamed Dilsad

දිවයිනේ නිරිත දිග කොටසට අධික වැසි තත්වයක්.

Mohamed Dilsad

ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානයේ සහයත් සජිත්ට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment