ප්‍රමුඛ පුවත 1

පාතාල නායකයින්ට ලබාදීමට ගෙන ගිය ජංගම දුරකථන සොයා ගත් නිලධාරීන් ඇගයේ [VIDEO]

(UTV| කොළඹ) – බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයින්ට ලබාදීම සඳහා ගෙන ගිය ජංගම දුරකථන චාජර් සොයා ගත් බන්ධනාගාර නිලධාරීන් අධිකරණ අමාත්‍යතුමිය විසින් ඇගයීමට ලක්කර තිබේ.

පසුගිය 12 වන දින බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මොහාමඩ් නජීම් මෙහොමඩ් හෙවත් කංජිපානි ඉම්රාන් පාතාල රැඳවියාට ලබාදීම සඳහා රැගෙන ගිය ජංගම දුරකථන දෙකක් හා චාජර් දෙකක් සොයා ගනී ලැබීය.

ඒ බූස්ස බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරි එල්.පී.එම්.කරුණාරත්න, බන්ධනාගාර නියාමකයින් වන ටී.ඕ.කේ.රත්නායක, ඒ.ඩී.ටී.කේ .ආරියදාස ,ඒ.ඩී.එල්.එන්.මෙන්ඩිස් ,ඒ.ජී.චමින්ද ජයසිරි, වයි.පී.එල්.සම්පත් යන නිලධාරීන් විසිනි.

ඔවුන් ඊයේ (17) දින අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මැතිණිය විසින් අමාත්‍යාංශයේ දී විශේෂ ඇගයීමට ලක් කරමින් ඔවුන්ට ඇගයීම් සහතික ලබාදීම සිදු කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මඩකලපුවේ ව්‍යාජ කච්චේරියක් සමඟ සැකකරුවන් 2ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

මැතිවරණ මහලේකම් කාර්යාලය මඟින් නිරීක්ෂණ කණ්ඩායමක්

Mohamed Dilsad

ලිට්‍රෝ වංචා නඩුව අලුත් මහාධිකරණයේ මුලටම

Mohamed Dilsad

Leave a Comment