විදෙස්

ඊශ්‍රායලයේ දෙවන මහමැතිවරණයේ ප්‍රතිඵල සුදානම්

(UTV| කොළඹ) – මාස පහකින් පසු ඊශ්‍රායලයේ පැවැත්වෙන දෙවන මහමැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරිමට නියමිතව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ හිටපු හමුදා ප්‍රධානී ගැන්ට්ස්ගේ සන්ධානය සඳහා ආසන 32ත් 34ත් අතර සංඛ්‍යාවක් දිනා ගැනිමට හැකි වනු ඇති බවයි.

එමෙන්ම අගමැති බෙන්ජිමන් නෙතයාහුගේ පක්ෂය සඳහා ආසන 30ත් 33ත් අතර සංඛ්‍යාවක් ලබා ගැනිමට හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බව එරට මාධ්‍ය සඳහන් කරයි.

මෙම හදිසි මැතිවරණයක් කැඳවිමට තීරණය කර තිබුනේ පසුගිය අප්‍රේල් මස පැවැති මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බෙන්ජිමන් නෙතයාහුට පාලක සන්ධානයක් ගොඩනැගීමට නොහැකිවිම හේතුවෙනි.

ඊශ්‍රායල් ඉතිහාසයේ එකම වර්ෂයකදී මහමැතිවරණ දෙකක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

රට පුරා මධ්‍යස්ථාන එකොළොස් දහස් එකසිය හැට තුනකදී ඡන්ද විමසුම පැවැත්වෙන අතර මෙවර මහමැතිවරණයේදී ආසන 120ක් සඳහා පක්ෂ 31ක් තරඟ වදින බවයි සඳහන් වන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලස්සා උණ වැලඳී මරණ 80ක්

Mohamed Dilsad

චීන ජනපති කැනඩා අගමැතිට ජී20දී දොස් කියයි

Mohamed Dilsad

බ්‍රසීලයේ කොරෝනා මරණ 20,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment