විදෙස්

ලස්සා උණ වැලඳී මරණ 80ක්

(UTV |  නයිජීරියාව) – අප්‍රිකාවේ වැඩිම ජනගහනයක් ජීවත් වන නයිජීරියාවේ මේ වසරේ මේ දක්වා ලස්සා උණ රෝගය පැතිරීමෙන් පසු මරණ 80 ක් වාර්තා වී ඇති බව නයිජීරියානු රෝග පාලන මධ්‍යස්ථානය (NCDC) පවසයි.

ජනවාරි සිට දෙසැම්බර් 8 දක්වා කාලය තුළ රටේ ප්‍රාන්ත 17කින් සහ ෆෙඩරල් අගනුවර ප්‍රදේශයෙන් ලස්සා උණ රෝගීන් 434ක් වාර්තා වී ඇති අතර, ඒ අතරින් මරණ 80ක් වාර්තා වී ඇති බව NCDC ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ලස්සා උණ යනු මී මුත්‍රා හෝ අසූචිවලින් දූෂිත වූ ආහාර හෝ ගෘහාශ්‍රිත ද්‍රව්‍ය මගින් මිනිසුන්ට පැතිරෙන රෝගයකි.

මේ අනුව රට තුළ ලස්සා උණ නිරීක්ෂණය කිරීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයක් සක්‍රීය කර ඇති බව NCDC ප්‍රකාශකයා සඳහන් කළේය.

මීයන්ගේ කෙළ, මුත්‍රා සහ අසූචි මිනිසුන් සමග ස්පර්ශ වූ විට ලස්සා උණ සම්ප්‍රේෂණය වන බව වාර්තා වේ. සමහර අවස්ථාවල දී, ලස්සා උණ මැලේරියාවට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත.

Related posts

සිම්බාබ්වේ අලි ඇතුන් 55 දෙනෙක් මියයයි

Mohamed Dilsad

ජපන් අගමැතිට කොරෝනා වැළදෙයි

Mohamed Dilsad

කොරෝනා වලට බොලිවුඩ් තරු දෙකක් ගොදුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment