විදෙස්

සිම්බාබ්වේ අලි ඇතුන් 55 දෙනෙක් මියයයි

(UTV | කොළඹ) – සිම්බාබ්වේ බලපා ඇති දැඩි නියඟය හමුවේ එරට ච්වෑන්ග් ජාතික වනෝද්‍යානයේ මාස දෙකක් තුළ අලි ඇතුන් 55 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ආහාර හා ජලය නොමැතිව මෙම අලි ඇතුන් මිය ගොස් ඇති බවයි.

ච්වෑන්ග් ජාතික වනෝද්‍යානය තුළ අලි ඇතුන් පහළොස්දහසකට ආසන්න සංඛ්‍යාවකට ඉඩකඩ පැවතුනත් පනස්දහසකට අධික අලි ඇතුන් සංඛ්‍යාවක් එහි වෙසෙන බව එරට මාධ්‍ය සඳහන් කර තිබේ.

මේ අතර, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන අනාවරණය කළේ සිම්බාබ්වේ හි මිලියන 2ක පමණ පිරිසක් ආහාර හිඟය හේතුවෙන් දැඩි අර්බුදයක සිටින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස් අනතුරකින් 17 මරුට

Mohamed Dilsad

සූවස් ඇළේ සිරවී ඇති නැව නිදහස් කිරීමේ උත්සාහයන් අඛණ්ඩව

Mohamed Dilsad

දුම්රිය අනතුරකින් 6 දෙනෙකු මරුට (වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment