විදෙස්

දුම්රිය අනතුරකින් 6 දෙනෙකු මරුට (වීඩියෝ)

(UTV|කොළඹ) –  ඇමෙරිකාවේ වොෂිංටන්හි අධිවේගී දුම්රිය මාර්ගයකදී දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෝ හය දෙනෙක් ජීවිතක්‍ෂයට පත් වෙති.

උදෑසන 6ට පමණ ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ මගී දුම්රියක් පාලමක් මතින් ගමන් ගනිද්දී, පහළින් වූ මහා මාර්ගයට කඩා වැටී තිබේ.

මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව  විදෙස් වාර්තා සඳහන් කරයි.

තවත් 77 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

සියැටල් ප්‍රදේශයේ සිට පෝට්ලන්ඩ් නගරය වෙත ගමන් ගත් දුම්රිය  කඩා වැටී ඇත්තේ අධිවේගයෙන් ගමන් ගන්නා විටය.

දුම්රියේ මැදිරි කඩා වැටීමත් සමඟ පහළින් වූ මහා මාර්ගයේ ගමන් ගත් ලොරි රථ දෙකක් ඇතුළු වාහන 07කට ද හානි සිදුව ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක්

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් තාවකාලිකව වැසූ ෂැංහයි ඩිස්නිලන්තය

Mohamed Dilsad

ට්‍රම්ප් සංක්‍රමණිකයින් සීමා කිරීමේ ලියවිල්ලට අත්සන් තබයි

Mohamed Dilsad

Leave a Comment