ප්‍රමුඛ පුවත 1

අද සිට පොලොන්නරුව බලා ධාවනය වන සුඛෝපබෝගී දුම්රියක්

(UTV| කොළඹ) – අද(11) දිනයේ සිට දිනපතා එස් 14 වර්ගයේ අති සුඛෝපබෝගී දුම්රියක් පොලොන්නරුව බලා ධාවනය කෙරන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වෙන අතර එහි මංගල ගමන්‍ වාරය සඳහා ජනාධිපතිවරයා එක්වන බවත් අද පස්වරු 03.05ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පොලොන්නරුව බලා ධාවනය කිරිමට සැලසුම් කර ඇති බව එම වාර්තා වල වැඩි දුරටත් සඳහන් වේ.

“පුලතිසි” ලෙස නම් කර ඇති එම දුම්රිය අද රාත්‍රී 07.47ට පොලොන්නරුව දුම්රිය ස්ථානයට ලඟාවිමට නියමිතයි.

දුම්රිය හෙට(12) පස්වරු 03.45ට යලි පොලොන්නරුව දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරන අතර එය රාත්‍රී 09.06ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවෙනු ඇත.

මෙම නව සීඝ්‍රගාමී දුම්රිය පොල්ගහවෙල, කුරුණැගල, මහව, කැකිරාව, හබරණ, සහ හිගුරක්ගොඩ යන දුම්රිය ස්ථානවල නැවත්වීමට නියමිත වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දිමට නියමිතයි..

Mohamed Dilsad

මහනුවර ප්‍රදේශය ඇතිවූ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කොළඹට රැගෙන් ඒමට සුදානම්

Mohamed Dilsad

ක්‍රිකට් ලෝක කුසලානය ප්‍රදර්ශනය ජනාධිපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment