ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

ක්‍රිකට් ලෝක කුසලානය ප්‍රදර්ශනය ජනාධිපති ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන ක්‍රිකට් ලෝක කුසලානය ලොව වටා ගෙන රැගෙන යන සංචාරයේ සිව්වන අදියර යටතේ එය මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කෙරෙන අතර, කුසලානය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ඉදිරිපත් කිරීම ඊයේ  (21) දා පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුකෙරිණි.

1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතින් ක්‍රිකට් ලෝක කුසලානය ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

මෙම අවස්ථාවට ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සියලු දෙනා සහ 1996 ලෝක කුසලානය වෙනුවෙන් තරගකළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන රොෂාන් මහානාම සහ රොමේෂ් කලුවිතාරණ ඇතුඑ ක්‍රිඩකයන් ද එක්ව සිටියහ.

මෙම අවස්ථාවට අමාත්‍ය ෆයිසර් මුස්තාෆාල නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නල හිටපු ක්‍රීඩා අමාත්‍ය පාගම දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජල සම්පාදන සේවකයින් අදත් වර්ජනයේ

Mohamed Dilsad

පුහුණුව සඳහා නොපැමිණි උපාධිධාරීන්ගේ පත්වීම් අවලංගු කෙරේ

Mohamed Dilsad

නාගලගංවීදිය ප්‍රදේශය වසා දමයි

Mohamed Dilsad

Leave a Comment