ප්‍රමුඛ පුවත 1

ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ පිරිසක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයට

(UTV| කොළඹ) – ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් නැමැති තහනම් සංවිධානයේ සාමාජිකයන් 11 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත භාර දී තිබේ.

ඔවුන් අම්පාර පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත සිටින අතරතුර මෙලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත භාර දී ඇත.

ඊයේ ඔවුන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත භාර දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.

ඔවුන් දින 90 ක රැදවුම් නියෝග මත තබාගනිමින් විමර්ශණ සිදුකළ අතර ඊයේ දිනයේදී එම සැකකරුවන් 11 දෙනා ත්‍රස්ත්‍ර විමර්ශණ කොට්ඨාශයට භාරදුන් බව පොලිසිය සදහන් කළා.

මෙම සැකකරුවන් 11 දෙනා අතරට මොහොමඞ් මන්සූර් සෙයිෆුල්ලාහ්, මොහොම්මඩු රියාල් මොහොමඩ් සාජිද්, මුස්තාක් අලි අම්හර් , මොහොමඩ් තාහිර් හිදයතුල්ලා හා මොහොමඩ් රම්සින් රුප්දි අහමඩ් යන පිරිස ඇතුලත් වේ.

එමෙන්ම මොහිදින් බාවා මොහොමඩ් රූම, අබාදුල් හලීම් මොහොමඩ් හිමාස් , මොහොමඩ් කාසිම් මොහොමඩ් අකිල් , හිස්බුල්ලා බාස් හුස්නි අහමඩ් , මොහොමඞ් සාහිර් මොහොමදු අහ්සන් , මොහොමදු අවුතාක් අනීස් මොහොමඞ් යන සැකකරුවන්ද වැඩිදුර විමර්ශණ සදහා ත්‍රස්ත්‍ර විමර්ෂණ කොට්ශායට භාර දුන් සැකකරුවන් 11 දෙනා අතරට ඇතුලත් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාතරදී ඔරුවක් පෙරලී තිදෙනෙකු මරුට

Mohamed Dilsad

පක්‍ෂ රැසක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සකස් කෙරේ

Mohamed Dilsad

යුද්ධ හමුදාපතිවරයා හෙට පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට

Mohamed Dilsad

Leave a Comment