ප්‍රමුඛ පුවත 1

සාමනේර හිමිවරුන්ට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට

(UTV|කොළඹ) – සාමනේර හිමිවරුන් දෙනමකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් අද දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

එම සිද්ධිය සම්බන්ධයෙන් අප කල විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ මෙම සැකකරු හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

ඔහු හොරොව්පතාන ප්‍රදේශයේ පිරිවෙනකදී කුඩා සාමනේර හිමිවරුන් දෙනමකට පහරදී ඇති බවත් එම සැකකරු චමින්ද ගලබොඩ නොහොත් “උටියා” නැමති අයෙකු බවත් පොලිසිය පැවසීය.

ඒ අනුව එම සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක දුම්වැටි විරෝධී දිනය අදයි.

Mohamed Dilsad

පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට කැබිනට් අනුමැතිය…

Mohamed Dilsad

ශානි අබේසේකරගෙන් මූලික අයතිවාසිකම් පෙත්සමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment