ප්‍රමුඛ පුවත 1

ලෝක දුම්වැටි විරෝධී දිනය අදයි.

(UTV| කොළඹ) – ලෝක දුම්වැටි විරෝධී දිනය අද (31)ට යෙදී ඇත.

මෙවර ලෝක දුම්වැටි විරෝධී දිනයේ තේමාව වන්නේ “tobacco and lung health.” යන්නයි. බෝ නොවන රෝග වන අධි රුධිර පීඩනය, පෙනහළු පිළිකා, හෘදයාබාධ, දියවැඩියාව, ස්වසන රෝග සඳහා  ප්‍රධාන වශයෙන් බලපානුයේ දුම්වැටි භාවිතයයි. අතුරු ආබාධ රැසකටද මෙය හේතු වන බව ලෝක සෞඛ්‍ය  සංවිධානය පෙන්වා දෙයි

දුම්කොළ අඩංගු දුම් වැටි භාවිතය හේතුවෙන් සෑම තත්පර 4කට වරක් පුද්ගලයකු මිය යන බවත් මිලියනයක් අධික පිරිසක් වක්‍ර දුම් පානය හේතුවෙන් මිය යන බවත්  ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

බෝ නොවන රෝග හේතුවෙන් ඇතිවන විවිධ හේතු නිසා වාර්ෂිකව මිලියන 56.9ක් මිය යන අතර ඉන් මිලියන 8ක්  දුම්කොළ භාවිතය හේතුවෙන් මිය යයි.

ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් 12%ක් පමණ දුම්වැටි සහ මධ්‍යසාර අලෙවියෙන් හිමි වුවත්, ජාතික ආදායමෙන්  22% කටත් වඩා ඒවා භාවිතය නිසා ඇති වන රෝග වැළැක්වීමට වැය කිරීමට සිදුවේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් හා මඟපෙන්වීම මත මතින් නිදහස් රටක් ජාතික වැඩසටහන සක්‍රීය ලෙස මෙම කාර්යභාරයට උර දී තිබේ

මේ සඳහා වත්මන් රජය, සෞඛ්‍ය අංශ පුළුල් වැඩපිළිවෙලක් දියත් කර තිබෙන අතර නව නීති රැසක් ද ක්‍රියාවේ නැංවීමට කටයුතු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මරණ දඬුවම ගැන අධිකරණයට පොරොන්දුවක්

Mohamed Dilsad

ඡන්ද හිමි නාමලේඛණය ලබන 23 වනදා සිට ප්‍රදර්ශනය කෙරේ

Mohamed Dilsad

පැනපු අයට ඇමතිකම් නොදෙන්න දැඩි තීරණයක්

Mohamed Dilsad

Leave a Comment