ප්‍රමුඛ පුවත 1

එජාප කුරුණෑගල රැළියට පක්‍ෂයෙන් විරෝධතාවයක්

(UTV|කොළඹ) – හෙට දිනයේ කුරුණෑගල පැවැත්වීමට නියමිත රැළිය හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂය තුළ යළි බෙදීමක් මතුව ඇති බව වාර්තාවේ.

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය පළ කරමින් මෙම රැළිය සංවිධානය කර තිබේ.

කෙසේ වෙතත් කුරුණෑගල රැළිය නොපවත්වන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම්දීමක් සිදුකර ඇති බව පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

කුරුණෑගල රැළිය නොපවත්වන ලෙසට පක්‍ෂයේ නායකයාගෙන් කිසිඳු දැනුම්දීමක් මෙතෙක් නොකළ බවත් ඒ අනුව කුරුණෑගල රැළියේ සංවිධාන කටයුතු ඉදිරියට සිදු කෙරෙන බවත් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ප‍්‍රකාශ කළේය.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසන්නේ කුරුණෑගල රැළිය සංවිධාන නොකරන ලෙසට පක්‍ෂ නායකත්වය නිල වශයෙන් දැනුම්දී ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දින100 සත්‍ය කතාව හෙළි කිරීමට සුදානම් – ජනපති කියයි

Mohamed Dilsad

පිළිකා රෝගීන්ට අතවශ්‍ය ඖෂධ වල හිඟයක්

Mohamed Dilsad

මාවනැල්ලේ බුදු පිළිම සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment