ප්‍රමුඛ පුවත 1

පොලිස් රාජකාරියට බාධා කළ එජාප මන්ත්‍රිනිය යළිත් රිමාන්ඩ්

[UTV | කොළඹ] – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීනි දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු සහ ඇගේ සොහොයුරිය ලබන මස 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ඔවුන් අද (30) මාරවිල අතිරේක දිසා විනිසුරු කේමින්ද පෙරේරා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මන්ත්‍රීවරියගේ බාල සහෝදරිය රියදුරු බලපත්‍රය සහ අනෙකුත් අවසර පත්‍ර නොමැතිව අධික වේගයෙන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෙන්නප්පුව – සීනෝර් මංසන්ධියේදී අගෝස්තු 19 වනදා පොලිස් අත්අඩංගුවට පත්විය.

පසුව එම ස්ථානයට පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය, ඇගේ පියා සහ වැඩිමහල් සහෝදරිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කටයුතු කිරීම හේතුවෙන් පසුව පොලිස් භාරයට ගනු ලැබීය.

Related posts

ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

මංජු ශී‍්‍ර අරංග‍ල අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා වැඩි කිරීමට කටයුතු [VIDEO]

Mohamed Dilsad

Leave a Comment