ප්‍රමුඛ පුවත 1

ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට ජනපතිගෙන් උපදෙස්

(උදයම්, කොළඹ) – ශී‍්‍ර සම්බුද්ධ ශාසනය ද, ලාංකීය සංඝ ශාසනය ද ස්වකීය අසහාය බුද්ධියෙන්, ධර්ම ශාස්තී‍්‍රය දැනුමෙන් සහ අසීමිත ප‍්‍රඥා මහිමයෙන් සෝබමාන කළා වූ මහා යතිවරයාණන් වහන්සේ නමක් වූ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීම පිළිබඳව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය බලවත් සංවේගය පළ කරයි.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට ද උපදෙස් ලබාදුන් ජනාධිපතිතුමා එම කටයුතු පිළිබඳව නිරන්තර අධීක්ෂණයක නිරතවන ලෙස බුද්ධශාසන අමාත්‍යවරයාට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම අදාළ කටයුතු සඳහා වැය වන සියලු වියදම් රජය විසින් දැරීමට ද ජනාධිපතිතුමා උපදෙස් ලබා දෙනු ලැබීය.

මේ අනුව අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවය මෙම 06 වන බ‍්‍රහස්පතින්දා පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතය.

මේ පිළිබඳ පත්කරන ලද විශේෂ ආදාහන කමිටුව අද පස්වරුවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දී රැස්වීමට නියමිතය.

Related posts

මාරවිල මාරක බස් අනතුරින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට…

Mohamed Dilsad

සිංගප්පුරුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් ගැන ප්‍රකාශයක්

Mohamed Dilsad

2020 උපාධිධාරීන් පනස් හතර දහසකට රැකියා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment