Trending News

කටාර් ජාතිකයින්ට සංචාරක තහනමක්

(උදයම්,කොළඹ) –  දිවයිනේ දැනට පවතින H1N1 රෝගී තත්ත්වය හේතුවෙන් කටාර් ජාතිකයින් හට ශ්‍රී ලංකාව වෙත සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි.

H1N1 රෝගී තත්ත්වය ශ්‍රී ලංකාවෙන් පහව යන තුරු අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ශ්‍රී ලංකාව වෙත සිදු කරන සංචාර කටයුතු සීමා කරන ලෙසයි කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය එරට ජාතිකයන්ගෙන් ඉල්ලා සිටි.

මේ අතර මධ්‍යම පළාත තුළ ගැබිනි මවක ඇතුළු H1N1 රෝගීන් 17 දෙනෙකු මියගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අංශ පවසනවා. මධ්‍යම පළාතේ මහනුවර හා මාතලේ යන දිස්‌ත්‍රික්‌ක තුළ H1N1 වෛරසය ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවති.

මහනුවර දිස්‌ත්‍රික්‌කයෙන් මරණ 12 ක්‌ වාර්තා වී ඇති අතර මාතලේ දිස්‌ත්‍රික්‌කයෙන් මරණ 5 ක්‌ වාර්තා වෙයි.

.

Related posts

ஐ.தே. கட்சியின் நீதிக்கான வாகன பேரணி இன்று(02) தங்கல்லையில் ஆரம்பம்

Mohamed Dilsad

Railway strike called off

Mohamed Dilsad

சுரங்கத்துக்குள் ஏற்பட்ட வெடிவிபத்தில் சிக்கி 7 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

Leave a Comment