Trending News

කටාර් ජාතිකයින්ට සංචාරක තහනමක්

(උදයම්,කොළඹ) –  දිවයිනේ දැනට පවතින H1N1 රෝගී තත්ත්වය හේතුවෙන් කටාර් ජාතිකයින් හට ශ්‍රී ලංකාව වෙත සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි.

H1N1 රෝගී තත්ත්වය ශ්‍රී ලංකාවෙන් පහව යන තුරු අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ශ්‍රී ලංකාව වෙත සිදු කරන සංචාර කටයුතු සීමා කරන ලෙසයි කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය එරට ජාතිකයන්ගෙන් ඉල්ලා සිටි.

මේ අතර මධ්‍යම පළාත තුළ ගැබිනි මවක ඇතුළු H1N1 රෝගීන් 17 දෙනෙකු මියගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අංශ පවසනවා. මධ්‍යම පළාතේ මහනුවර හා මාතලේ යන දිස්‌ත්‍රික්‌ක තුළ H1N1 වෛරසය ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවති.

මහනුවර දිස්‌ත්‍රික්‌කයෙන් මරණ 12 ක්‌ වාර්තා වී ඇති අතර මාතලේ දිස්‌ත්‍රික්‌කයෙන් මරණ 5 ක්‌ වාර්තා වෙයි.

.

Related posts

பாடசாலை பாடத்திட்டத்தில் சட்டக்கல்வி – அமைச்சரவை அனுமதி

Mohamed Dilsad

භාණ්ඩ වර්ග 07ක මිල පහළට

Mohamed Dilsad

මන්ත්‍රී මුජිබර් රහුමාන් වත්මන් දේශපාලනය ගැන කියන කතා

Mohamed Dilsad

Leave a Comment