ප්‍රමුඛ පුවත 1

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී ඉදිරි වැඩපිළිවෙල ගැන සාකච්ඡා

(උදයම්,කොළඹ) –  එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(05) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.
මෙහිදී පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
නිජෝජ්‍ය නායක තනතුරු 3ක් මෙන්ම  අමාත්‍ය අකිල විරාජ් මහතාට මහලේකම් ධුරයත්,අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට උප නායක තනතුරක් දීම පිළිබඳ මේ වන විට කතා බහට ලක් වෙමින් ඇත.
එහෙත් අද දිනයේ එම තනතුරු සඳහා කිසිවෙකුත් පත් නොකළ බව අද පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේය.

Related posts

“උතුරේ වී ගොවීන්ට අස්වැන්නට සාධාරණ මිලක්”ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

ජනාධිපතිවරණය හේතුවෙන් අතිරේක බස් සේවාවක්

Mohamed Dilsad

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය හෙට යාපනේදී ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment